Saturday, September 21, 2024

General line - 0115112241

අමරපුර මහ නාහිමිගේ ආදාහන පූජෝත්සවය




අපවත්වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය මේ වනවිට පැවැත්වෙනවා. 

ඒ, කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදීයි. 

නුගේගොඩ පාගොඩ විජයාරාමයේ සිට ශ‍්‍රී දේහය වැඩම කරවනු ලැබූයේ රථ පෙරහැරකින්. 

මෙම රථ පෙරහැර පිටකෝට්ටේ හන්දියෙන් පාර්ලිමේන්තු පාර ඔස්සේ ආයුර්වේද හන්දියට පැමිණ කාසල් වීදිය, ඞී එස් සේනානායක හන්දිය ඔස්සේ හෝර්ටන් පෙදෙස දක්වා පැමිණියා. 

එතැන් සිට  ශ‍්‍රී දේහය වැඩම කෙරුණේ පාගමනින්.  

පස්වරු 3 යි 30ට පමණ ශ‍්‍රී දේහය කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ ඉදිකර ඇති විශේෂ පීඨිකාවක තැන්පත් කෙරුණා. 

අවමංගල සභාවේ කටයුතු ආරම්භ වූයේ ඉන් අනතුරුවයි. ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිනවා.