Saturday, September 21, 2024

General line - 0115112241

ඉදිරියේදී දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ග ගන්නවා - GMOA




මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් තවත් පාර්ශව සමග එක්ව ඉදිරියේදී වඩාත් දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවලට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් ඒ බව පැවසුවේ අද (07) සිදු කෙරෙන  වැඩවර්ජනය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි. 

සයිටම් ආරවුල විසදිම සදහා ජනාධිපතිවරයා සිය බලතල දැනට වඩා ශක්තිමත්ව භාවිත කළයුතු බවද වෛද්‍ය නවීන් ද සොයිසා මෙහිදී කියාසිටියා.

මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රටපුරා රජයේ වෛද්‍යවරුන් සමග රජයේ දන්ත වෛද්‍යවරුන්, ආයුර්වේද වෛද්‍යවරුන් සහ පශු වෛද්‍යවරුන්ද අද වැඩවර්ජනයේ නිරත වනවා. ඒ අනුව රජයේ රෝහල් බොහොමයක ප‍්‍රතිකාර සේවා අඩාල වී තිබෙන බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ. අද දිනයේ පෞද්ගලික වෛද්‍ය සේවාවලින්ද ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසුවා. කෙසේ වෙතත් පෞද්ගලික රෝහල් බොහොමයක ප‍්‍රතිකාර සේවා මේ වනවිටත් සාමාන්‍ය පරිදි සිදුවන බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමේදී තහවුරු වුණේ. 

මේ අතර සයිටම් විරෝධීන් අද පස්වරුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සිට කොළඹ කොටුව දක්වා පා ගමනක්ද පැමිණියා. අනතුරුව ජනතාව දැනුවත් කිරීමේ රැළියක්ද සංවිධාන කෙරුණා.