Saturday, September 21, 2024

General line - 0115112241

දුරකථන ආයතනයක කළමණාකරුගේ හිසට පොල්ලකින් ගැසූ සේවකයෙක් අත්අඩංගුවට




බදුල්ල නගරයේ ජංගම දුරකථන ව්‍යාපාරික ස්ථානයක කළමනාකාරවරයෙකුට පහරදුන්බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරු අදාල කළමනාකාරවරයාගේ හිසට පොල්ලකින් පහර දී ඔහුගේ නිවසට ද ගිනිතබා ඇති බවයි නෙත් නිවුස් වාර්ථාකරු පැවසුවේ. 

සිද්ධියෙන් තුවාල ලැබූ කළමණාකාරවරයා බදුල්ල මහරෝහලට ඇතුලත් කෙරුනා. 

සැකකරු එම ව්‍යාපාරික ස්ථානයේම සේවය කර පසුව ඉන් ඉවත් වූ අයෙකු බවයි විමර්ශන වලදී අණාවරන වී ඇත්තේ. 

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර  පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.