Saturday, September 21, 2024

General line - 0115112241

අවුරුද්ද නිවාඩු නෑ කියා පොලිස් පොඞ්ඩන්ගෙන් චෝදනා




එලඹෙන සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් කෙටි නිවාඩුවක් හෝ ලබා දීමට තම ජේ්‍යෂ්ඨ නිළධාරීන් පියවර ගෙන නොමැති බවට නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කණිෂ්ඨ පොලිස් නිලධාරීන් චෝදනා කරනවා. 

ඔවුන් පෙන්වා දෙන්නේ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව නිවාඩු අවලංගු කර නොමැති බවයි. 

එහෙත් තම ජේ්‍යෂ්ඨ නිලධාරීන් තමන්ට නිවාඩු ලබා දීමට මැලිකමක් දක්වන බවයි නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පොලිස් ස්ථානවල සේවය කරන කණිෂ්ඨ පොලිස් නිලධාරීන් පවසන්නේ.