Sunday, September 22, 2024

General line - 0115112241

මහින්ද වෙනුවෙන් අනුර කට අරියි




හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් හදිසියේ ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද සංවාද ඇති විය.

එහි දී මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම අදහස් දැක්වීය

ඔහු එහිදී ප්‍රකාශ කළේ දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්ධිරන් හට එල්ටීටීඊ සංවිධානයෙන් තර්ජන ඇත්නම්,මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට එම ත්‍රස්ත සංවිධානයෙන් කෙතරම් තර්ජනයක් ඇත්ද යන්නය.සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කැම්බල් පිටියේදී මහින්ද රාජක්ෂ හිටපු ජනාදිපතිවරයා සාටකයෙන් එල්ලා මරා දැමිය යුතුයි යන්නෙන් කළ ප්‍රකාශය පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී විමසා සිටියහ

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ද මෙහිදී අදහස් දැක්වීය. 

මැයි දින පැවැත්වූවායින් පසු එහිදී කළ ප්‍රකාශයන් පදනම් කරගනිමින් ආරක්ෂාව ඉවත් කරනවානම් හෝ ලබාදෙනවානම් අනිවාර්යෙන්ම එය දේශපාලන ක්‍රියාමාර්ගයක් බවත්,  තර්ජනයක් තිබෙනවාද යන්න සබෑවටම විමසිය යුතු බවත්,දේශපාලන ක්‍රියාමර්ගයකට එය තීරණය කළ නොහැකි බවත් අනිවාර්යෙන්ම මේ පිළිබඳ අවධානය යොමුවිය යුතු බවත් එහු එහිදී ප්‍රකාශ කලේය

මීට ප‍්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ අදාළ කරුණු අග‍්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපතිවරයාගේ අවධානය ද යොමු කරන බවයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමට ආණ්ඩුවට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු පැවසුවා. කථානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ තමන් ද මේ පිළිබද අවධානය යොමුකරන බවයි.