Sunday, September 22, 2024

General line - 0115112241

රට පුරා ගුරුවරුත් වැඩ වැරුමට එක්වෙයි




වෛද්‍යවරුන් ඇතුළු සෙසු කේෂ්ත‍්‍රවල නිළධාරීන් සමග රට පුරා රජයේ පාසල්වල ගුරුවරුන් ද හෙට කැදවා ඇති වැඩවර්ජනයට එක්වන බව ලංකා ගුරු සංගමය පැවසීය.

මේ අතර හෙට කැදවා ඇති වැඩවර්ජනයට ගුරුවරුන් ද එක්වීම පිළිබද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද ප‍්‍රතිචාර දැක්වීය ඒ කොළඹ ජාතික පුස්තකාලයේ අද පැවති උත්සවයකට සහභාගි වෙමිනි. 

ඔහු එහිදී ප්‍රකාශ කළේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයද අඩපණ කිරීමට ඇතැම් අන්තවාදීන් උත්සහා කරමින් සිටින බවත්, මෙය සයිටම් ප්‍රශ්ණයට අදාළ නොව වෙනත් රැල්ලක් බවය.

රටට හිතැති කිසිදු වෘත්තිකයෙකු හෙට කැදවා ඇති වැඩවර්ජනයට එක් නොවිය යුතු බව ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහි දී කියා සිටියා.