Sunday, September 22, 2024

General line - 0115112241

සයිටම් විරෝධීන් පස්වරුවේත් උද්ඝෝෂණවල (PHOTOS)




මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පාර්ශව රැසක් අද (05) පස්වරුවේත් උද්ඝෝණවල නිරත වුණා. 

එක් උද්ඝෝෂණයක් පැවැත්වුනේ හලාවත මහ රෝහල ඉදිරිපිටයි. 

ඊට රෝහලේ වෛද්‍යවරුන්, වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද එක්ව සිටියා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් අද පෙරවරු 08ට ආරම්භ කළ දීපව්‍යප්ත වැඩවර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. 

වෛද්‍ය සංගමයට අමතරව ගුරු සහ විදුහල්පතිවරුන් ද මෙම වර්ජනයට සහය පල කළා. 

සෞඛ්‍ය සහ අධ්‍යාපන යන කේෂ්ත‍්‍රයන්ට අමතරව ප‍්‍රවාහන කේෂ්ත‍්‍රයේ ද වෘත්තීය සමිති වර්ජනයට එක් වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ. 

මේ අතර වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද අද අදහස් පල කළා. 

ජනාධිපතිවරයා පැවසුවේ එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල මෙවර ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම්කර ඇති වට පිටාවක ජන ජීවිතය අඩාල කරමින් හා රට නොසන්සුන් කරමින් වෘත්තීය සමිති ගෙන යන වැඩවර්ජනය ඉතා කණගාටුදායක බවයි.