Sunday, September 22, 2024

General line - 0115112241

“සාගර“ හා “නන්දිමිත්‍ර“ සිංහපුර යයි




ශ්‍රී ලංකා නාවික හමුදාව සතු “සාගර“ හා “නන්දිමිත්‍ර“ නම් ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකා දෙකක් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා නිලධාරීන් 34 දෙනෙකු හා නාවිකයින් 290 දෙනෙකු සමඟ මෙම නෞකා ඊයේ (05) කොළඹ වරායෙන් පිටත් වූ බව නාවික හමුදාව පවසනවා. එම නෞකාවන් මැයි මස 12 වනදා සිට 18 වනදා දක්වා සිංගප්පූරුවේ රැදී සිටීමට නියමිත බව සඳහන්.