Sunday, September 22, 2024

General line - 0115112241

ගම්පොළ පැහැරගත් තරුණයා නිදහස්




කුඩා දරුවකුද සමග ගම්පොල ප්‍රදේශයේ පැහැර ගැණුන තරුණයා කම්පම්කරුවන් විසින් මුදාහැර තිබෙනවා.

පැහැරගත් දරුවා තවමත් කප්පම්කරුවන් විසින් රඳවාගෙන සිටිනවා.

ගම්පොල ප්‍රදේශයේදී පැහැර ගැණුනු අවුරුදු 02යි මාස 08ක් වයසැති දරුවා සහ 26 හැවිරිදි පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

ගම්පොල, ගඟවටපාර ප්‍රදේශයේ කුඩා දරුවෙකු සමඟ අතුරුදන් වූ එම දරුවාගේ ඥාති පුද්ගලයා විසින් අදාළ දරුවා පැහැරගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති බව පොලිස් මූලස්ථානය ඊයේ ප්‍රකාශ කළා. පසුගිය(03) දා පස්වරුවේ එම දරුවාගේ මව විසින් ගම්පොල පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දරුවාගේ මව සිය ස්වාමි පුරුෂයාගේ දිවා ආහාරය එම ඥාති පුද්ගලයා හරහා  යොමු කිරීමට පියවර ගෙන  තිබූ අතර දරුවාද එම පුද්ගලයා සමඟ යෑමට අවශ්‍යම බව ප්‍රකාශ කිරීම හේතුවෙන් දරුවා ඔහු සමඟ පිටත් කර හැර තිබෙනවා.

කෙසේවෙතත් අදාළ පුද්ගලයා දරුවා සමඟ ස්වාමි පුරුෂයා හමුවීමට නොගොස් පළා ගොස් ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. එම ඥාති පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

දරුවා සැක කරුගෙන් කඩිනමින් මුදා ගැනීම සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට ගම්පොල පොලීසියයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.