Sunday, September 22, 2024

General line - 0115112241

ගැටුම් හැකිතාක් අවම කළ යුතුයි- ජනපති 




පළාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර පවතින ගැටුම් හැකිතාක් අවම කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා. 

එසේ නොවුණහොත් අවසාන වශයෙන් පීඩාවට පත්වන්නේ මහජනතාව බවයි ජනාධිපතිවරයා පැවසුවේ. 

මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීමෙන් ඉකුත්දා සිදු වූ ව්‍යසනය ද ඊට උදාහරණයක් බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 


යම් යම් කාර්යයන් ඉටු කිරීමේ දී පළාත් සභා එක එකක් අතර පවතින විෂමතාද අවම කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. 


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පල කළේ පළාත් සභාවල ප‍්‍රධාන අමාත්‍යවරුන්ගේ 33 වන සමුළුව අමතමින්. හබරණ දී අද පෙරවරුවේ එම සමුළුව පැවැත්වුණා.