Sunday, September 22, 2024

General line - 0115112241

මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් ගැන තමිල්නාඩුවෙන් ඉල්ලීමක්




මෙරට අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට කඩිනමින් පියවර ගන්නැයි තමිල්නාඩු විපක්ෂ නායකවරයා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරය තුළ දී මේ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි තමිල්නාඩු විපක්ෂ නායක එම් කේ ස්ටාලිං උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ. 

මේ වනවිට ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු මෙරට අත්අඩංගුවේ සිටින අතර ඔවුන් නිදහස් කර ගැනීමට ඉන්දීය රජය මැදිහත් විය යුතු බව ඔහු පෙන්වා දී තිබෙනවා. 

තමිල්නාඩු විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ මෙරට බාරයේ පවතින ඉන්දීය ධීවර යාත‍්‍රා නිදහස් කර ගැනීමට ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ ශ‍්‍රී ලංකා සංචාරය තුළ පියවර ගත යුතු බවයි.