Sunday, September 22, 2024

General line - 0115112241

ගවයෙකුගේ ප‍්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට




හලාවත - මඩම්විල - ඉලිප්පදෙනිය ප‍්‍රදේශයේ දී ගවයෙකුගේ ප‍්‍රහාරයට ලක්වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඉලිප්පදෙණිය ප‍්‍රදේශයේ වත්තක මුරකරුවෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි. 

එම වත්තේම සිටි ගවයෙකු මෙලෙස ඔහුට පහර දී ඇති බව විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා. 

ගවයාගේ පහර කෑමෙන් තුවලා ලැබූ පුද්ගලයා හලාවත මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. 

ඔහු බොරළුවැව - හෙට්ටිපොල ප‍්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.