Sunday, September 22, 2024

General line - 0115112241

ෆෝන්සේකාගෙ තනතුර ගැන තවත් සාකච්ඡාවක්




ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට ලබාදීමට සූදානම් වන බවට පැවසෙන නව තනතුර සම්බන්ධයෙන් අද දිනයේ ද අදහස් පල වුණා. අනුරාධපුර ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමින් අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ නව තනතුර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් තවත් සාකච්ඡා වටයක් ද පැවැත්වූ බවයි. 

මේ අතර ආණ්ඩුවට එරෙහිව ක‍්‍රියාත්මක වන වෘත්තීය අරගල සම්බන්ධයෙන් කටයුතු කිරීමේ වගකීම ෆිල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකාට භාර දෙන්නේ නම් ඔහු එය සාර්තකව සිදු කරනු ඇති බවයි ජාතික හෙළ උරුමය පවසන්නේ. එවැනි වගකීමක් ඔහුට භාර දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බවයි එහි දේශපාලන මණ්ඩල සභික නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ සඳහන් කළේ.