Sunday, September 22, 2024

General line - 0115112241

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද - ෆොන්සේකාගේ තනතුරට ඇතුළෙන්ම විරෝධයක්




එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (08) පැවැත්වෙනවා. 

පස්වරු 05ට පමණ රැස්වීම පැවැත්වෙන්නේ පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 

ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. අද පැවැත්වෙන රැස්වීමේ දී නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනෙකු පත් කරනු ඇති බවටයි වාර්තා පල වුණේ. 

එක් තනතුරක් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙනු ඇති බවට ද මාධ්‍ය වාර්තා පල කර තිබුණා. 

කෙසේ වෙතත් සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විරෝධය පල කර ඇති බවටද වාර්තා වනවා. 

නෙත් නිවුස් කළ විමසීමක දී අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප‍්‍රකාශ කළේ සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට පක්ෂයේ ඉහළ තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් තමන් ද විරෝධය පළ කරන බවයි. 

තනතුරක් ලබාදුනහොත් ගන්නා කි‍්‍රයාමාර්ග කවරේදැයි නෙත් නිවුස් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. 

පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීම් කළ තවත් පිරිස් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

ඉකුත්දා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ද නව තනතුරු සඳහා පුද්ගලයින් පත් කරනු ඇති බවටයි වාර්තා පල වුණේ. එහෙත් එවැන්නක් සිදුවූයේ නැහැ.