Sunday, September 22, 2024

General line - 0115112241

චන්ද්‍රිකාගේ ආරක්ෂාව අඩු කිරීම ගැන මහින්දගේ මාධ්‍ය ඒකකයෙන් පිළිතුරු දෙයි




චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයේ  නඩුවක් ගොනු කළ බවට ඇතැම් දේහපාඥයන් සිදු කරන ප‍්‍රකාශ ප‍්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය ලෙස සඳහන් වන ලිපි ශීර්ෂයක් යටතේ ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අමාත්‍යංශය හෝ හිටපු ජනාධිපතිවරයා විසින් එවැනි නඩුවක් ගොනු කර නොමැති බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය නොවන සංවිධානයක් විසින් එවැනි නඩුවක් ගොනු කර ඇති බවයි මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දේශපාලන පළිගැනීම් ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කිරිමේ චේතනාවෙන් මෙවැනි ප‍්‍රකාශ සිදු කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
 

(අදාළ නිවේදනය පහතින් දැක්වෙයි)