Sunday, September 22, 2024

General line - 0115112241

නඩු භාණ්ඩ කාමරයක් සොරුන් බිඳී




පුත්තලම දිසා අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට කිසියම් පිරිසක් ඇතුලු වී ඇති බව පුත්තලම පොලිසිය පවසනවා.

මූලික පරීක්ෂණවලදි අනාවරණ වී ඇත්තේ අධිකරණ සංකීර්ණයේ වහළයේ උළු ඉවත් කර නඩු භාණ්ඩ කාමරයට ඇතුලු වී ඇති බවයි.

කෙසේවෙතත් පැමිණි පිරිස එහි තිබූ නඩු භාණ්ඩ සොරකම් කර ඇත්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

බාහිර පාර්ශ්වයන්ට පුත්තලම දිසා අධිකරණ සංකීර්ණයට ඇතුළු වීම ද තහනම් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක‍්‍රියාත්මකයි.