එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දැන් පැවැත්වෙනවා.
ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
පස්වරු 05.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදි කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම ආරම්භ වුණා.
මෙම රැස්වීමේ දී නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනෙකු පත් කරනු ඇති බවටයි වාර්තා පළ වුණේ. එක් තනතුරක් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදෙනු ඇති බවට ද මාධ්‍ය වාර්තා පළ කර තිබුණා.
එහෙත් පක්ෂයේ ඇතැම් පාර්ශ්ව ඊට විරෝධය පළ කර තිබුණා.