Sunday, September 22, 2024

General line - 0115112241

චම්පික - ඉසුර සීතල යුද්ධය දැන් මුහුණට මුහුණ සටනක් වෙලා




මීතොටමුල්ල කුණු කන්ද නාය යෑම පිළිබඳව විවෘත සංවාදයකට පැමිණෙන ලෙස බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක බස්නාහිර පළාත් මහ අමාත්‍ය ඉසුර දේවප්‍රියට විවෘත ඇරයුමක් කරනවා.

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට වගකිව යුත්තේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ එහි අමාත්‍යවරයා බව කියමින් තැන තැන මඩ නොගසා තමන් සමග විවාදයකට එන ලෙසයි අමාත්‍ය චම්පික රණවක පෙන්වා දෙන්නේ.

මීතොටමුල්ල කුණු කන්ද නායයෑම පිළිබඳව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කිසිඳු සම්බන්ධයක් නොමැති බවත් මීතොටමුල්ල කුණු කන්ද කළමනාකරණය කළේ කොළඹ නගර සභාව විසින් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එසේම නාගරික කොමසාරිස් සිටිනුයේ පළාත් සභාව යටතේ බවත් බස්නාහිර පළාත් මහ ඇමතිවරයා විවාදයට පැමිණියහොත් හෝ නොපැමිණියහොත් මෙම කුණු ප්‍රශ්නයේ වගකීම පළාත් සභාව භාරගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.