Sunday, September 22, 2024

General line - 0115112241

විශ‍්‍රාමික සේවකයා ඝාතනයට සැකපිට බිරිඳ සහ දියණිය අත්අඩංගුවට




මීට දින කිහිපයකට පෙර අතුරුදන් වූ බව කියූ වරාය අධිකාරියේ විශ‍්‍රාමික සේවකයා ඝාතනය කර ඇති බව පොලිස්  විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධය ප‍්‍රකාශක කාර්යලය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාගේ බිරිඳ සහ දියණිය අද (08) උදෑසන අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන්ගෙන් මේ වන විට දිර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.  

හෙට (09) දිනයේදී වත්තල කෙරවළපිටිය ප‍්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවස හා ඉඩම විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට නියමිතයි.