Saturday, September 21, 2024

General line - 0115112241

නාවුල අනතුරකින් 13 දෙනෙකු රෝහලේ (PHOTOS)




මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ බොබැල්ල ප‍්‍රදේශයේ ඊයේ රාති‍්‍රයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මාතලේ සිට දඹුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක් සහ දඹුල්ල දෙසින් පැමිණි සුඛෝපභෝගි කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවූ බවයි. 

තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් වැඩිදුර ප‍්‍රතිකාර සදහා මාතලේ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. 

කැබ් රථයේ රියදුරා අධික වේගයෙන් අපරික්‍ෂාකාරිව රිය ධාවනය කර ඇති නිසා අනතුර සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙන්නේ.