Saturday, September 21, 2024

General line - 0115112241

ති‍්‍රකුණාමලයේදි පාසල් සිසුවෙකු දියේ ගිලී මරුට




ති‍්‍රකුණාමලය, පාලයුත්තු කලපුවේ දියේ ගිලීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. 

මෙසේ මියගොස් ඇත්තේ ති‍්‍රකුණාමලය, මොහම්මදියා නගරයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක්. 

ඊයේ පාලයුත්තු කලපුවේ දියනාමින් සිිටියදී මොහු දියේ ගිලී ඇති අතර පසුව ප‍්‍රදේශවාසීන් විසින් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ති‍්‍රකුණාමලය පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.