Saturday, September 21, 2024

General line - 0115112241

වෙළද සැල් බිද මුදල් කොල්ලකෑ එස් ටී එෆ් සෙබළෙක් අත්අඩංගුවට




වෙළදසැලක් කඩා එහි තිබූ මුදල් හා භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙකු ති‍්‍රකුණාමලය, සූරියපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙක්. 

එම වෙළද සැලෙහි තිබූ මුදල්, ජංගම දුරකථන හා උපකරණ සහ සිගරට් තොගයක් සැකකරු විසින් සොරකම් කර  තිබුණා. 

ඒ අනුව පොලිස් සුනඛයන් යොදා සිදුකළ පරීක්‍ෂණයේදී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බවයි සූරියපුර පොලීසිය පැවසුවේ.