Saturday, September 21, 2024

General line - 0115112241

ජාත්‍යන්තර වෙසක් උත්සවය නිසා  'කොළඹ වැහෙන පාරවල්' මෙතැනින් දැනගන්න 




ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ පැවැත්වෙන වෙසක් කලාප හා විවිධ වැඩසටහන් හේතුවෙන් හෙට දක්වා (13) පස්වරු 7 සිට පහත සඳහන් මාර්ග සම්පුර්ණයෙන් වසා දැමිමට හෝ ගමනාගමනය සීමා කිරිමට නියමිත බව පොලිසිය පවසනවා.


එම මාර්ග පහතින්  දැක්වෙනවා.

බෞද්ධාලෝක මාවත - කනත්ත වටරවුමේ සිට ස්ටැන්ලි විජේසුන්දර හංදිය දක්වා කොටස.
ආර්.ජි සේනානායක මාවත ( ග්‍රෙගරි පාර ) - කිංසි පාර හංදියේ සිට මෙට්ලන්ඩ් ක්‍රසන්ට් හංදිය දක්වා කොටස.
ජේම්ස් පීරිස් මාවත - කොම්පඤ්ඤවීදිය වටරවුමේ සිට පිත්තල හංදිය දක්වා කොටස. 
ඩෝසන් වීදිය - යුනියන් පෙදෙස සිට බේබෘෘක් පෙදෙස දක්වා කොටස.
බේබෲක් පෙදෙස - හයිඩ් පාර්ක් පාර හංදියේ සිට මුත්තයියා පාර, පාර්ක් වීදිය හංදිය අතර කොටස. 
ජිනරතන මාවත - ජේම්ස් පීරිස් මාවත හංදිය සිට පාර්ක් වීදිය හංදිය දක්වා කොටස.
චෛත්‍ය පාර - එන්.එස්.ඒ වටරවුම සිට වරාය දෙසට.

වෙසක් කලාප නැරඹීම සඳහා කොළඹ නගරයට පැමිණෙන මහජනතාව හැකි සෑම අවස්ථාවකම මාර්ග තදබදයක් පවතින ස්ථානයන් ඔස්සේ රිය ධාවනයෙන් වැලකි සිටින ලෙසත්, හැකිතරම් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන ලෙසත් පොලිසිය දන්වා සිටිනවා.