Saturday, September 21, 2024

General line - 0115112241

අවාර සමයේදී ශී‍්‍ර පාදය වන්දනා කරන්න එපා - පාදස්ථානාධිපති හිමියන්ගෙන් තවත්  ඉල්ලීමක්




අවාර සමයේදී අත්‍යවශ්‍ය කරුණකට හැර දහවල් කාලයේදී ද ශී‍්‍ර පාදය වන්දනා කිරීමට නොපැමිණෙන්නැයි ශී‍්‍රපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් ඉල්ලීමක් කරනවා. 

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අවාර සමයේ ශී‍්‍ර පාද වන්දනාව තහනම් කිරීමට හැකියාවක් නොමැති බවයි. 

අත්‍යවශ්‍ය කාරණාවකදී ශී‍්‍ර පාදය වන්දනා කරන්නේ නම් පොලීසිය දැනුවත් කිරීම සිදුකරන ලෙසටද උන්වහන්සේ ඉල්ලා සිටිනවා.