Saturday, September 21, 2024

General line - 0115112241

බිත්තියක් කඩා වැටී දොළොස් හැවිරිදි දරුවෙකු මරුට




නාවුල, කෝන්ගහවෙල ප‍්‍රදේශයේ නිවසක බිත්තියක් කඩා වැටීමෙන් 12 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා. 

පොලීසිය පැවසුවේ අදාළ නිවසේ බිත්තියක් මීට පෙරද කඩා ඉවත් කර ඇති බවයි. 

ඊට ආසන්නයේ තිබූ බිත්තියක් අසල වාඩි වී සිටියදී එම බිත්තිය මෙලෙස කඩා වැටී තිබෙනවා. 

දරුවාගේ සිරුර දඹුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය අද සිදු කිරීමට නියමිතයි.