Saturday, September 21, 2024

General line - 0115112241

හිස නැති කාන්තා මළ සිරුරක් හමුවෙයි




හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.

පයාගල පොලිස් වසමේ ඈතගම ප්‍රදේශයේ දී මෙම හිස නොමැති මළ සිරුර හමු වී ඇත්තේ පොලිසියට ලද තොරතුරක් අනුවයි.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇති අතර කළුතර නාගොඩ රෝහල් මාත ශරීරාගාරයේ මළ සිරුර තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.