Saturday, September 21, 2024

General line - 0115112241

පිළියන්දලදී පොලිසියට වෙඩි තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඡායාරූප දෙකක් නිකුත් කරයි




පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දල ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගේ හැඩරුවට සමාන සිතුවම් කරන ලද ඡායාරූප දෙකක් පොලිසිය විසින් ප‍්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ඉන් එක් සැකකරුවෙකු වයස අවුරුදු 30 ත් 35ත් අතර පසුවන්නෙකු බවයි පොලිසිය පවසන්නේ. මෙම පුද්ගලයාගේ එක් පාදයක කිසියම් ආබාධයක් පවතින බවට ද තොරතුරු වාර්තාවී තිබෙනවා.

දෙවන සැකකරු වයස අවුරුදු 38ත් 42ත් අතර පසුවන්නෙකු බවයි පොලිසිය පැවසුවේ.

ඔහුගේ උස අඩි 05 යි අඟල් 06ක් පමණ වනවා.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් නුගේගොඩ පොලිස් අධිකාරී කොට්ඨාශයට දැනුම් දිය හැකියි.

සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිස්පතිවරයා විසින් විශේෂ ත්‍යාග මුදලක් පිරිනමන බව ද පොලිස් මූලස්ථානය නිවේදනය කළා.

(ඒ පිළිබඳ තවත් විස්තර පහතින්)