Saturday, September 21, 2024

General line - 0115112241

හදිසියේ අසනීප වූ බන්ධනාගාර රැඳවියෙක් රෝහලේ දී මියයයි




වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ 66 හැවිරිදි මොහු මන්නාරම ප‍්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බවයි.

රැඳවියා හදිසියේ අසනීප වීමත් සමග ඔහු ප‍්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහි නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගියා. දේහය ඥාතීන්ට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලිසිය විමර්ශන මෙහෙයවනවා.