Saturday, September 21, 2024

General line - 0115112241

පාවහන් තුළ තිබූ හෙරොයින් අල්ලයි




හෙරොයින් තොගයක් ශ‍්‍රී ලංකාවට රැගෙන ආ පකිස්තාන ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැණුනා.

නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග‍්‍රෑම් 1ක් සොයා ගත් බවයි.

එහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වනවා. ඔහු සිය පාවහන් තුළ සගවා මෙම හෙරොයින් තොගය රැගෙන ආ බවයි ශ‍්‍රී ලංකා රේගුව පැවසුවේ.