Saturday, September 21, 2024

General line - 0115112241

ජනපති දැඩි තීන්දුවකට සූදානම් - පුටු මාරුව ගැනත් ඇමති හෙළි කරයි




මේ මස 18 සහ 25 අතර කාලය තුළදී ජනාධිපතිවරයා විසින් වැදගත් දේශපාලන තීන්දු තීරණ කිහිපයක් ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "මෙම කාලය තුළ ජනාධිපතිතුමා ගැනීමට බලාපොරොත්තුවන දැඩි තීරණ නිසා ආණ්ඩුව තවත් ශක්තිමත් වෙයි. පුටු මාරුවක් වෙනවා. ඒ පුටු මාරුව නිසා තවත් ශක්තිමත්කමක් ලැබෙයි. රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස අපි ඉටු කරන්න ඕනේ." යනුවෙනි.

මාතර හක්මන ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහය ලබා ගනිමින් තවදුරටත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සේවාවන් ඉටු කිරීමට රජය කැපවන බව ද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.