Saturday, September 21, 2024

General line - 0115112241

ගතවූ පැය විසිහතරේ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයට




අද (14) පෙරවරු 8 යි 30න් අවසන් වූ ගත වූ පැය විසිහතරේ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව රත්නපුර දෙතනගල ප්‍රදේශයට මිලිමීටර් 124 යි දශම 6 වර්ෂාපතනයක් ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

ගත වූ පැය විසිහතරේ උපරිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන්. 

ඒ, සෙල්සියස් අංශක 37යි දශම 3ක්. සෙල්සියස් අංශක 12 යි දශම 7ක් වූ අවම උෂ්ණත්වය නුවරඑළිය ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.