Saturday, September 21, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළලේ සමාප්ති උත්සවය ඇරඹෙයි (PHOTOS)




එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළලේ සමාප්ති උත්සවය අද (14) පස්වරුවේ පැවැත්වුණා. 

ඒ, නේපාල ජනාධිපති බිද්‍යා දේවි බන්ධාරිගේ ප්‍රධානත්වයෙන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන්. 

සමාප්ති උළෙල පැවැත්වෙන්නේ මහනුවර ශ්‍රී දළඳා මාළිගා පරිශ්‍රයේදීයි. 

සමාප්ති උත්සවය ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ බෞද්ධ දර්ශනය ඔස්සේ සමස්ත ලෝකයටම අත්කරගත හැකි දේ බොහෝමයක් ඇති බවයි. 

අමාත්‍ය විෙජ්දාස රාජපක්ෂ විසින් මෙහිදී මහනුවර ප්‍රකාශය මෙහිදී එළිදක්වනු ලැබුවා. 

එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව විසින් ඒකජන්දයෙන් සම්මත කරගත් යෝජනා 09ක් ඊට ඇතුලත්. 

මහනුවර ප්‍රකාශය ඔස්සේ ලෝකයේ විසිරී ඇති බෞද්ධ සංවිධාන ඇතුළු සියලූ පාර්ශව ඒකරාශී කරගත් නව වැඩපිළිවෙලක් අරඹන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ. 

සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ නේපාල ජනාධිපති බිද්‍යා දේවි බන්ධාරි ද උත්සවය ඇමතුමා. 

ඇය එහිදී කියා සිටියේ ජාත්‍යන්තර වෙසක් දින උළෙලට සහභාගී වීම හරහා ශ්‍රී ලංකාව හා නේපාලය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වූ බවයි. 

සමාප්ති උත්සවයෙන් අනතුරුව අද දිනයේ විශේෂ දළදා පෙරහැරක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 

රාත්‍රී 7ට පමණ පෙරහැරේ වීථී සංචාරය ආරම්භ කරනු ඇති. 

ඒ හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එඩ්මන් මහේන්ද්‍ර සඳහන් කළේ. 

දළදා පෙරහැර ගමන් ගන්නා මාර්ගය පිළිබඳවද මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළා. 

දළදා පෙරහැර කේන්ද්‍ර කර ගනිමින් මහනුවර නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. 

උතුරුමැද පළාත් සභාවේ ඉකුත්දා ඇති වූ සිද්ධිය ආණ්ඩුව පෙරළීමේ ආරම්භක අදියර බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ද එක්ව සිටියා.