Saturday, September 21, 2024

General line - 0115112241

කොස්ගොඩ මව සහ දරුවා මරා දැමූ සැකකරු පොලිස් අත්අඩංගුවට




කොස්ගොඩ බොරළුකැටිය ප්‍රදේශයේ දී මවක් සහ බිළිදෙකු කපා කොටා ඝාතනය කරන ලද සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (14) පස්වරුවේ කොස්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. 

65 හැවිරිදි වියේ පසු වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ සැඟවී සිටියදීයි. 

සිව්දරු මවක් ද වන ඝාතනයට ලක්වූ කාන්තාවගේ වයස අවුරුදු 38ක්. 

ඇයගේ මාස හයක් වයසැති බිළිඳා ද ඝාතනය කර තිබුණා. සැකකරු මෙම කාන්තාවගේ අනියම් ස්වාමි පුරුෂයා බවත්, ඝාතනය කළ බිළිඳාගේ පියා බවත් මූලික පරීක්ෂණවල දී අනාවරණය වී තිඛෙනවා. 

මෙම ඝාතනය සිදු වූයේ ඉකුත් 09වනදා පස්වරුවේයි. 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳාහා අම්බලන්ගොඩ පොලිසියේ නිල සුනඛ අංශයේ ද සහය ලබාගෙන තිබුණා.