Saturday, September 21, 2024

General line - 0115112241

මැක්රෝන් වැඩ අරඹන්න සැරසෙයි (PHOTOS)




ප්‍රංශයේ නව ජනාධිපතිවරයා ලෙස එම්මානුවෙල් මැක්‍රෝන් අද (14) සිය ධුරයේ දිවුරුම් දුන්නා. 

ඉකුත්දා පැවති ඡන්ද විමසීමේ දී ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ මරීනා ලා පේන් පරාජයට පත් කරමින් ඔහු සියයට 66ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. 

එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රංශ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන විට ඔහුගේ වයස අවුරුදු 39ක්. 

ඒ අනුව නැපෝලියන් බොනපාට්ගෙන් පසුව බිහිවූ ප්‍රංශයේ ලාබාලතම නායකයා වන්නේ එම්මානුවෙල් මැක්‍රෝන් බවයි ප්‍රංශය පවසන්නේ. 

දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින් ප්‍රංශ නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කියා සිටියේ සමානාත්මතාවයට හා සහෝදරත්වයට මුල්තැන දෙමින් කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. 

යුරෝපය ඇතුළු ජාත්‍යන්තරය ප්‍රංශය පිළිබඳ අවධානයෙන් සිටින මොහොතක ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවද ඔහු සඳහන් කළා.