Saturday, September 21, 2024

General line - 0115112241

බෙන්තර මුහුදේ නෞකාවක ගින්නක් නැහැ - නාවික හමුදාව කියයි




බෙන්තර මුහුදු තීරයේ දී නෞකාවක් ගිනි ගන්නා බවට පළ වූ වාර්තා අසත්‍ය බව නාවික හමුදාව පවසනවා. 

නෞකාවක් ගිනි ගන්නා අයුරු නිරීක්ෂණය කළද එය වැරදි වටහා ගැනීමක් බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

සිංගප්පූරුවට අයත් නෞකාවක් එහි සියලූ විදුලි පහන් දැල්වීම හේතුවෙන් ගිනි ගැනීමක් ලෙස ගොඩබිමට නිරීක්ෂණය වූ බව ද නාවික හමුදාව පවසනවා. 

මේ පිළිබඳ ලද තොරතුරකට අනුව ඊයේ රාත‍්‍රියේ නාවික හමුදාවේ ඩෝරා යාත‍්‍රා දෙකක් අදාළ නෞකාව ආසන්නයට ගොස් තිබෙනවා. 

හදිසි අවස්ථාවක් නොවන බැවින් එවැනි අවස්ථාවක නෞකාවක සියලූ විදුලි පහන් නොදැල්වීම පවතින නීතියයි. 

ඒ පිළිබඳ නෞකාවේ කාර්ය මණ්ඩලය පසුව දැනුවත් කෙරුණා. මෙම නෞකාව ඉන්ධන ප‍්‍රවාහන නෞකාවක්.