Saturday, September 21, 2024

General line - 0115112241

බේරුවල අනතුරකින් කාන්තාවක් මරුට




බේරුවල දර්ගා නගරයේ පදික මාරුවක් මත සිදු වූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට තිබෙනවා. 

මෙලෙස මියගොස් ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචිව සිටි හතළිස් හැවිරිදි දෙදරු මවක්. 

ජීප් රථයකට යටවීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ. 

සිද්ධිය සම්බන්ධයෙන් ජීප් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මෙම රථයේ හිමිකරු කරාපිටිය රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

අනතුර සිදුවන අවස්ථාවේ එම වෛද්‍යවරයා ද ජීප් රථයේ සිට තිබෙනවා. 

ඔහු සිය පියාගේ අවමගුල් උත්සවය සඳහා සහභාගී වී යළි පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණා.