Saturday, September 21, 2024

General line - 0115112241

ස්වාධීන වූ මන්ත‍්‍රීවරුන් උතුරුමැද බහුතරය පෙන්වයි - මධ්‍යමත් බල පෙරළියක පෙරනිමිති




උතුරුමැද පළාත් සභාවේ බහුතරය තම කණ්ඩායම සතු බව ඒකාබද්ධ විපක්ෂයට සහය පල කරන කණ්ඩායම පවසනවා. 

ඒ බව ලිඛිතව උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයාට භාරදීමට ද ඔවුන් සූදානමින් පසුවන බවටයි වාර්තා වන්නේ. 

උතුරු පළාත් සභාවේ සිටින මන්ත‍්‍රීවරුන් ගණන 33ක්. 

ඉන් 21 දෙනෙකුම නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. 

11 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයත්, තවත් මන්ත‍්‍රීවරයෙකු ජනතා විමුක්ති පෙරමුණත් නියෝජනය කරනවා. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් අතරින් 17 දෙනෙකු ඉකුත්දා ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන බව පවසමින් පළාත් සභාව තුළ ස්වාධීනව කටයුතු කරන බව කියා සිටියා.