Saturday, September 21, 2024

General line - 0115112241

පොළොන්නරුවේ දී සාමනේර හිමි නමකට ප‍්‍රහාරයක් (PHOTOS)




මැර පිරිසකගේ පහරකෑමට ලක් වූ පොළොන්නරුවේ සාමනේරු හිමි නමක් ප‍්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පොළොන්නරුව  ඕනෑගම මැදමළුව මහ විහාරයේ වැඩ විසූ 14 හැවිරිදි සාමනේර හිමි නමක්. විහාරස්ථානයට පැමිණි බව කියන පිරිසක් පොලූවලින් තමන්ට පහරදුන් බවයි උන්වහන්සේ සඳහන් කළේ. 

මෙම පිරිස පැමිණ තිබුණේ ඊයේ රාත‍්‍රි 08ට පමණයි. විහාරස්ථානයේ වැඩ වෙසෙන තවත් ස්වාමීන් වහන්සේ නමක් පිළිබඳ තොරතුරු විමසා ඇති ඔවුන් පසුව මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. 

මෙම සිද්ධියෙන් පසු විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.