Saturday, September 21, 2024

General line - 0115112241

හිටපු ඇමති මර්වින්ගේ පුත‍්‍රයාට එරෙහි නඩුව කල් යයි




හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා බි‍්‍රතාන්‍ය ජාතික යුවලකට රාත‍්‍රී සමාජ ශාලාවක දී පහර දී තුවාල සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ඔක්තෝම්බර් 24 වැනිදා යළි කැඳවීමට නියම කෙරුණා. 

ඒ සිද්ධියට අදාල නඩුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීයි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බවයි කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම්දී ඇත්තේ. 

මේ අතර බි‍්‍රතාන්‍ය ජාතිකයා විසින් මාලක සිල්වා නැමැත්තාට පහරදුන් බව කියන සිද්ධියට අදාළ නඩුව ද මෙම දිනට කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ජේරාම් ට්‍රොස්කි අද නියෝග කළා.