Saturday, September 21, 2024

General line - 0115112241

මිය ගිය දෙමළ වැසියන් වෙනුවෙන් උතුරේ ස්මාරක ඉදිවෙයි (PHOTOS)




යුද්ධයෙන් මිය ගිය අයගේ නම් කළු ගලක කොටා මුල්ලිවයික්කාල් වෙරලේ ස්මාරකයක් තැනීමට මුලතිව් මුල්ලිවයික්කාල් වැසියන් සූදානම් වනවා. 

‘‘ජන සංහාර සතිය‘‘ සමගාමීව මෙය සිදු කෙරෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ. 

හෙට පැවැත්වෙන මෙම ස්මාරකය විවෘත කිරීමේ උත්සවය පිළිබඳව අදහස් දක්වමින් පොලිසිය පැවසුවේ තහනම් සංවිධානයක ක‍්‍රියාකාරකම්  නීතියෙන් තහනම් බවයි. 

මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් වන සෑම සිද්ධියක් පිලිබඳව පොලිසිය විමසිල්ලෙන් පසුවන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියත්න ජයකොඩි පැවසුවේ.