Saturday, September 21, 2024

General line - 0115112241

ඛනිජ තෙල් සේවකයෝ යළිත් වර්ජනයට සැරසෙති




සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා දි නැතැයි ඛනිජ තෙල් වෘත්තිය සමිති සංගමය පවසනවා. 

එහි කැඳවුම්කරු ඩි ජේ රාජකරුණා පැවුසවේ මේ සම්බන්ධව සතියක් තුල තමන්ට විසඳුම් ලබා නොදුනහොත් අත්හිටුවා ඇති අඛණ්ඩ වැඩවර්ජනය යළි ක‍්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. 

අද සිට මේ පිලිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.