Saturday, September 21, 2024

General line - 0115112241

අත්අඩංගුවට ගත් සරසවි සිසුන් මෙන්න (VIDEO)




සයිටම් ආයතනයට විරෝධය පාමින් ඊයේ (17) කොළඹදී අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ පාගමන තුළදී ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හමුවේ පොලිස් අත්අඩංගුවට පත් සිසුන් 08 දෙනාගේ අනන්‍යතාව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව රජරට විශ්ව විද්‍යාලය, සබරගමුව විශ්ව විද්‍යාලය, කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, රුහුණු විශ්ව විද්‍යාලය, බෞද්ධ සහ පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව සිටිනවා. 

අත්අඩංගුවට පත් සරසවි ශිෂ්‍ය කණ්ඩායම පහතින්,

ජයසිංහලාගේ ප්‍රදීප් ප්‍රේමලාල් - බිබිල
ජයසූරියගේ ඉසුරු රංගන ප්‍රනාන්දු - මතුගම
තිලකනායක අධිකාරී මුදියන්සේලාගේ ජිනේන්ද්‍ර ජයරත්න - හලාවත
විදාන ආරච්චිගේ වින්තක ලක්මාල් - අම්පාර
කංකානම්ලාගේ ප්‍රදීප් දමිත් චානක වීරසිංහ - රැවන්වැල්ල
නුවන්සිරි නදීෂ - යක්කලමුල්ල
ලියනදේවගේ ගයාන් දිලීප් බණ්ඩාර - හෙට්ටිපොළ
සපුගොල්ලේ විමල හිමි - වරකාපොළ