Saturday, September 21, 2024

General line - 0115112241

මුදල් ඇමතිගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විවේචන




ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය වන්නේ රටකට නැගී සිටීමට උපකාර කිරීම මිස එහි ජනතාව ප‍්‍රාණ ඇපයට ගැනීම නොවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. 

ඊයේ පැවති දේශීය ආදායම් සේවා සංගමයේ 22 වන වාර්ෂික සමුළුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සදහා අන්තර්ජාතික සංවිධානවල උපදෙස් අවශ්‍ය නොවන බවයි. 


 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම වත්මන් ආණ්ඩුව යටතේ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා. 

වැට් බදු ප‍්‍රතිශතය සියයට 15ක් දක්වා ඉහළ දැමීමට සිදු වුවද ලබන වසරේ මුල් භාගය වනවිට එය සියයට නවයත් - දහයත් අතර අගයක් දක්වා අඩු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා. 

රටේ ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.