Saturday, September 21, 2024

General line - 0115112241

හිටපු දික්ඔය නගරාධිපතිට නිතිඥවරුන්ගෙන් ප්‍රහාරයක්!




හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නගරාධිපති අලගමුත්තු නන්දකුමාර මහතාට හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ සේවයේ නියතු නිතිඥවරුන් පිරිසක් පහරදුන්නේ යැයි පවසමින්, දික්ඔය මුලික රෝහලට ඇතුළත් වී තිබෙනවා.

ඊයේ (19) රාති‍්‍ර හැටන් ප‍්‍රදේශයේ උත්සව ශාලාවක නිතිඥවරුන්ගේ සාදයක් පැවති අතර එම සාදයට සහභාගි වු හිටපු නගරාධිපතිවරයා එම නිතිඥවරුන් සමග ඇති වු බහින් බස්විමක් දුර දිග යෑමෙන් පසු නිතිඥවරුන් පිරිසක් තමන්ට පහරදුන් බවයි හිටපු නගරාධිපතිවරයා හැටන් පොලිසියට කළ පැමිණීල්ලේ සදහන් කර ඇත්තේ .

හිටපු නගරාධිපතිවරයා හැටන් දික්ඔය නගර සභාව පලනය කරන සමයේ සිදුවුයේ යැයි කියන වංචා හා දුෂණ ගණනාවක් සමිබන්ධයෙන් දැනට පැවැත්වෙන පරික්‍ෂණ කිහිපයකට එම සාදයේ සිටි නිතිඥවරුන් පිරිසක් සහයෝගය දක්වන බවට හිටපු නගරාධිපතිවරයා විසින් චෝදනා නගමින් මෙම බහින් බස්වීම ඇතිවී තිබෙනවා.

තමන්ගේ බෙල්ලට සහ උදරයට එම නිතිඥවරුන් පිරිස පහරදුන් බවයි එම පැමිණීල්ලේ සදහන් කර ඇත්තේ.