Saturday, September 21, 2024

General line - 0115112241

කැබිනට් සංශෝධනයට එජාපයෙන් කොන්දේසියක්




මෙම සතියේ සිදු කෙරෙනු ඇතැයි වාර්තා පළ වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන සතිය දක්වා කල්යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. 

ඒ අනුව බොහෝ දුරට ලබන සදුදා හෝ ඊට ආසන්න දිනක මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවනු ඇති බවයි එම ආරංචි මාර්ග අනාවරණ කළේ. 

ඉකුත්දා ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පවත්වා තිබුණා. 

එම සාකච්ඡාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එක්ව සිටි බවයි වාර්තා වුණේ. 

මේ අතර අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේ කැබිනට් සංශෝධනයක් සිදුවන්නේ නම් සිය පක්ෂයට හිමි අමාත්‍ය ධුර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා නොදිය යුතු බවයි. 

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කළා. 

මුදල් අමාත්‍ය රවී කරුණානායක සම්බන්ධයෙන්ද නවීන් දිසානායක අමාත්‍යවරයා මෙහිදී අදහස් පල කළා. 

එහිදී ඔහු පැවසුවේ රවී කරුණානායක අමාත්‍යවරයා ඉතා අපහසු කාල සමයකදී  මෙය භාරගත් බවයි.මුදල් ඇමතිවරයෙකුට තීරණ ගැනීමේ නිදහසක් තිබිය යුතු බවද  ඔහු වැඩිදුරටත් සඳහන් කළා.