Monday, May 20, 2024

General line - 0115112241

දකුණු අප්‍රිිකානුවන් අසීරුවෙන් ගොඩ නැගූ ඉනිම පාකිස්තානයට ජය ගෙනා හැටි




ICC ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පෙරළිකාර ජයක් ලැබීමට පකිස්ථානය ඊයේ (07) රාත්‍රියේ සමත් වුණා.

ඒ, ප‍්‍රබල දකුණු අප‍්‍රිකාව ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 19 කින් පරාජය කරමින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකාවට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 219 ක් පමණයි.

පන්දුවාර 27ක් අවසන් නව විට පකිස්තානය කඩුලු 03කට ලකුණු 119ක් රැස් කර ගෙන සිටියා.

ඒ අවස්ථාවේ වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වූ අතර ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ඒ වන විට ලබා ගත යුතුව තිබුණේ ලකුණු 101ක් පමණයි. 

මෙම ජයග‍්‍රහණයත් සමග ඉන්දියාව, පාකිස්ථානය, දකුණු අප‍්‍රිකාව සහ ශ‍්‍රී ලංකාවද සිටින B කාණ්ඩය මේ වන විට උණුසුම් වී තිබෙනවා.

ඒ, B කාණ්ඩයේ කණ්ඩායම් 04ට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවමත් අවස්ථාව පැවතීම හේතුවෙන්.

ශ‍්‍රී ලංකාවට තරගාවලිය පිළිබඳ වැඩි බලාපොරොත්තු තබා ගැනීමට නම් ඉන්දියාව සමග අද (08) පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුයි.