Monday, May 20, 2024

General line - 0115112241

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අද තරගයේ දී දැඩි පීඩනයකින්




ICC ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග අද (08) පැවැත්වෙන තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව, ඇන්ජලෝ මැතිව්ස් නායකයා ලෙස යළි කණ්ඩායමට එක් වන අතර බොහෝ දුරට ඔහු පිතිකරුවෙකු ලෙස පමණක් අද තරගයේදී කටයුතු කරනු ඇති.

ආබාධය හේතුවෙන් අද තරගයේදී මැතිව්ස් පන්දු යැවීම සිදු නොකරනු ඇති බවටයි පැවසෙන්නේ. 

ආබාධයකට ලක් වූ චාමර කපුගෙදර වෙනුවට තුන් ඉරියව් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලකද අද තරගයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇති.

සීකුගේ ප‍්‍රසන්න වෙනුවට තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා කණ්ඩායම සමග එක් වීමට නියමිතයි.

තරගාවලියේ ඉදිරිය පිළිබඳ වැඩි බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ශ‍්‍රී ලංකාව අනිවාර්යයෙන් ජය ගත යුතු අතර, ඉන්දියාව ජය ගත හොත් ඔවුන්ට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වනු ඇති.

තරගය සවස 03.00 ට පමණ ආරම්භ වීමට නියමිතයි. ගතවූ  වසර පහේදී ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග 17ක් පවත්වා ඇති අතර, ඉන් 14ක්ම ජය ගෙන ඇත්තේ ඉන්දියාවයි.