Saturday, September 21, 2024

General line - 0115112241

නෙත් නිවුස් හෙළිදරව්වෙන් පසු එස්.ටී.එෆ් සෙබළුන්ට ප්‍රතිකාර නොකළ සිද්ධිය ගැන විමර්ශනයක් කරන්නැයි ඉල්ලීම්




සයිටම් විරෝධී උද්ඝෝෂණයේ දී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ට ජාතික රෝහලේ දී ප්‍රතිකාර නොකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ සේවකයකු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා. 

මහින්ද රත්නායක නැමති එම සේවකයා ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ තුවාල ලැබූ සෙබළුන්ට ප්‍රතිකාර නොකලේ නම් එය ජාත්‍යන්තර සම්මූතිනීන් ද උල්ලංඝණය කිරීමක් වන බවයි. 

ඒ සම්බන්ධයෙන් වහා සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ. 

තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන්ට කොළඹ ජාතික රෝහලේ දී ප්‍රතිකාර නොකෙරුණු බව නෙත් නිවුස් ඊයේ උදෑසන පළමු වරට කරුණු අනාවරණ කළා. 

කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි. 

මින් ඉදිරියට කිසියම් සිද්ධියක දී තුවාල ලබන පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් පොලිස් රෝහලට පමණක් ඇතුළත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය තීරණය කළා.