Saturday, September 21, 2024

General line - 0115112241

බලපෑම් කලොත් වර්ජනය දැඩි කරන බව වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීම්




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ උදෑසන 8.00ට ආරම්භ කළ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් අද දිනයේ ද දිවයිනේ ප්‍රධාන රෝහල් වෙත පැමිණි රෝගීන් රැසක් දැඩි පීඩාවට පත් වුණා. 

වෛද්‍යවරුන් මෙලෙස වර්ජනයේ නිරත වන්නේ මාලඹේ සයිටම් විද්‍යාලයට සහ සරසවි සිසුන්ට ඉකුත්දා එල්ල වූ ප්‍රහාරයට විරෝධය දක්වමින්. 

වර්ජනය හේතුවෙන් ප්‍රාදේශීය රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වුණා. 

මෙම වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන රැස් වුණා. 

අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ වර්ජනයේ නිරත වෛද්‍යවරුන්ට එරෙහිව විනය පියවර ගැනීමට රජය කටයුතු කරන්නේ නම් වර්ජනය තවත් දැඩි කිරීමට සිදු වන බවයි. 

මේ අතර සයිටම් අර්බුදය සම්බන්ධයෙන් කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයේ දී වෛද්‍යවරයෙකු පහර කෑමකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් පළ වුණා. 

සයිටම් ගැටළුව විසදීමට අවශ්‍ය යෝජනා මාලාවක් වෛද්‍ය පීඨාධිපතිවරුන්, වෙද්‍ය පිඨ ආචාර්ය සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පොදු එකඟතාවයෙන් යුතුව මේ වනවිට රජයට භාර දී ඇති බවද මෙහි දී ප්‍රකාශ කෙරුණා.