Saturday, September 21, 2024

General line - 0115112241

මහනුවර නගරයේ හමුදා කඳවුර  ඉවත් කිරීමේ සූදානමක් !




මහනුවර නගර මධ්‍යයයේ පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලූම් අමුණුගම පවසනවා. 

එලෙස එම කඳවුර දැන් තිබෙන ස්ථානයෙන් ඉවත් කළහොත් ශ‍්‍රී දළදා මාලිගයේ ආරක්ෂාවද අවදානමට ලක්වන බවයි ඔහු කියා සිටියේ. 

ආණ්ඩුවේ සැබෑ අවශ්‍යතාව මහනුවර නගරය සංවර්ධනය කිරීම නම් ඒ සඳහා විකල්ප ඉඩම් භාවිත කළ හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

හිස්කර ඇති පැරණි බෝගම්බර බන්ධනාගාර භූමිය ද ඊට යොදාගත හැකි බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ. 

මහනුවර දී අද මාධ්‍යවේදීන් අමතමින් ඔහු මෙම කරුණු ප‍්‍රකාශ කළා.